Thursday, May 20, 2010

ඇරඹුමයි මේ...


පැතුම් පිපෙන මේ යාමේ
සොඳුරු සිතුම් මාවත දිග
හනි හනිකට නුඹත් එක්ක පියවර මැන්නේ
අම්මා ඇති නුඹ එනකම්
නැතිදෝ දන්නේ

සොඳුරු හැගුම් පාට කෙරුව
මේ ලස්සන වටපිටාව
ගහක් ගහක් ගානේ මං ඈවිදන් යන්නම්
තව පොඩියක් ඉන්න දෙන්න
ඇයිදෝ ඉක්මන්


අපි දෙන්න........... හ්ම්ම්.... ඇත්තටම අපි දෙන්න කවුද ?
සහෝදරියක් සහ සහෝදරයෙක් කියල කියන්නත් බැහැ. මොකද එක මවු කුස නොවන නිසා... පෙම්වතුන්... බැහැ එහෙම කියන්නත් බැහැ... මොකද අපි දෙන්නට තාමත් ඒ විදිහට ළං වෙන්න බැරි නිසා....ගැහැණිය වැඩි වයස් වීම ආදරයට බාධාවක් වෙන්නත් පුලුවන් නිසා.
එහෙමයි කියල.... සිත අයිතිකාරයට වුනත් සිතට ඇති වෙන ආදරය වලක්වන්න පුලුවන් ද?

රාත්‍රියට
මඟ කියන තාරකාවක් වගේ
එළිය විහිදන පහන් ටැඹක් වගේ
පේනව වුනත් අල්ලන් බැරි දුරින් ඉන්නේ අන්න ඒ නිසයි.................

ඉතින් අපි දෙන්න කවුද කියල ඔයාලටවත් තේරුම් ගන්න පුලුවන් ද කියල බලන්නයි....... "දෙහදක පැතුම" ක උත්සාහය.

ලීවේ
අපි දෙන්න.

ප/ලි
ඇත්තම කියනව නම් ලියන්නේ ගැහැණු ළමයා,
පින්තූර හොයල දෙන්නෙ පිරිමි ළමයා.

0 comments:

Post a Comment